පළාත් සභා ක්‍රමය ඕනෑම නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු, ඊට අදාළ ප්‍රතිපාදන යටතේ පළාත් සභා ඡන්දය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක සහ බුද්ධශාසන කාර්යසාධක බලමණ්ඩලයේ ලේකම් රාජකීය පණ්ඩිත ශ්රාස්ත්රපති පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ පැවසූහ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය, ගිහි පිරිස සහ සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන්ම මෙම ඉල්ලීම කරන බව ද එම මහ නාහිමියෝ අවධාරණය කළහ.
එම මාධය හමුව ඇමතූ මහ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
“දැන් මේ කාලයේ අලූතින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට හඬක් ඇති වෙලා තිබෙනවා. අගමැතිතුමා අදහස් ඉදිරිපත් කළා. මේ සඳහා අවශ්‍ය කාරණා සම්පාදනය කරන ලෙස. ඒ අතරට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නව ව්‍යවස්ථාව හැදෙන්න කලින් ලහි ලහියේ පළාත් සභා ඡන්ද පැවැත්වීමේ අදහස මොකක්ද? ඒක අපට තේරුම් ගන්න බැරි දෙයක්.
මේ පළාත් සභා ඡන්දයට විශාල ධනස්කන්ධයක් වැය වනවා. විශේෂයෙන්ම රටේ ව්‍යසනයක් ඇති මොහොතක ඒක ලොකු වියදමක්. රට ණය බරින් මුදාගන්න රජය උත්සාහ කරනවා. ඒ වගේම ණය බරින් මිරිකී මිරිකී වුව ද ලොකු සංවර්ධනයකට රජය උරදී තිබෙනවා. මේ ඔක්කොම බර යන්නේ මහ ජනතාවටයි. ඇත්ත වශයෙන්ම අපි කාරුණිකව කියනවා මේ පළාත් සභා ක්‍රමය එපා කියන එකයි භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන්ගේ මතය කියලා.
පළාත් සභා ඕනෑම කියන ටික දෙනකු ඉන්නවා නම් ඊට අදාළ වන ක්‍රමවේදයක් මේ විකල්ප යෝජනාවලිය තුළ තිබෙනවා. ඇත්ත වශයෙන්ම නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා සංයුතිය තුළ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදය හොඳට පැහැදිලි කර තිබෙනවා. විශේෂයෙන්ම කලින් සඳහන් කළ ආකාරයට ග්‍රාම රාජ්‍ය, ගම්සභා ක්‍රමයට මූලිකත්වය දී ගම මුල් කර ගත් සාමාන්‍ය ජනතාව බිම් මට්ටමේ සිට පාලන ව්‍යුහයට දායක කරගන්න ක්‍රමයක් ඕනෑ. ප්‍රාදේශීය සංවර්ධනය ඉදිරියට ගෙන එන්න මේ ගම් සභා ක්‍රමය යෝජනා කර තිබෙනවා.
ඒක අතීත ඓතිහාසික උරුමයක්. ඒ නිසා මේ යෝජනාවලිය ඇතුළේ කිසිමාකාරයක ජාතිවාදයක්, ආගම්වාදී ස්වරූපයක් නෑ. මෙහි මූලික අදහස තමයි මේ ඓතිහාසික වූ උරුමය හොඳින් ආරක්ෂා කරගෙන, අපේ සියලු ජනවර්ගවල ජනජීවිතය අත් කිරීම.”
ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කරන විකල්ප යෝජනාවලිය එළිදැක්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවේදී මහනායක හිමියෝ එසේ පැවසූහ.