බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජින ලොවට සමුදෙයි..!

September 9, 2022 at 8:52 am | by emanisa.lk

බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසු වූ මහ රැජින ඊයේ (08) රාත්‍රියේ මෙලොව හැර ගියාය.

26 හැවිරිදි වියේ දී රජ කිරුළ පැළඳී එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වන විට 96 වියේ පසු වූ මහ රැජින වසර 70 ක කාලයක් කිරුළ දැරුවාය.

රැජින අවසන් හුස්ම හෙළද්දී චාල්ස් කුමරු, කැමිලා පාර්කර් ඇතුළු දරු මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඈ අසල සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

මහ රැජින පසුගිය ජුලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය. ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ද එබැවිනි.

2 වන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු රජකමට පත් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *