මහ මැතිවරණය අප්‍රේල් 25! අලුත් පාර්ලිමේන්තුව කැඳවීම මැයි 12!

February 17, 2020 at 9:31 am | by emanisa.lk

පාර්ලිමේන්තු මහා මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මහ මැතිවරණයට අදාළ දින වකවානු පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් කරුණු විමසා යොමු කළ ලිපියකට පිළිතුරු ලබා දෙමින් මේ බව දැන්වීමට සූදානම් බව වාර්තා වෙයි.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා මාර්තු මස 01 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීතිමය බාධාවක් නොමැති බව නීතිපති දප්පුල ලිවේරා ජනාධිපතිවරයාට පසුගියදා දැනුම් දෙන ලදී.

ඒ අනුව මාර්තු මස 02 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මාර්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පවත්වන අතර නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි මස 12 වැනිදා සිදු කිරීමටද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

මෙම කරුණු සියල්ලම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ සඳහන් කිරීමද අනිවාර්ය බව කොමිෂන් සභාව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස