තමන් වහන්සේලා බලාපොරොත්තු වූ ආකාරට ම 21 වන සංශෝධනය සම්මත වීම පිළිබඳ සතුටු වන බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
ද්විත්ව පුරවැසියන් රට පිළිබඳ තීන්දු තීරණ ගන්නා තැන්වල සිටීම අහිතකර බවත් එවැනි පිරිස් පාර්ලිමේන්තුවේ සිටී නම් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්විය යුතු බවත් එහිමියෝ පෙන්වා දෙති.
මහ බැංකුව වැනි ආර්ථික මර්මස්ථානවලට ද්විත්ව පුරවැසියන් පත්කිරීම අහිතකර බවත් එවැනි පත්කිරීම් නිසා පසුගිය සමයේ රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වූ බවත් ධම්මානන්ද හිම සඳහන් කළේය.
එහෙයින් රටේ විශේෂ වගකීම් දරන තනතුරු සඳහා ද්විත්ව පුරවැසියන් පත් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එහිමියෝ වැඩි දුරටත් අවධාරණය කළහ.