මහින්ද පොහොට්ටු අලින්ගේ කට වසයි..!

March 10, 2024 at 10:54 am | by emanisa.lk

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි සිදුවිය හැකි බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

එසේම දේශපාලන නායකයින් තම තමන්ගේ පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමග ජනතාව ඒකරාශී කරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කර ඇති බවයි, එම ආරංචිමාර්ග අනාවරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *