මහින්ද කතරගම දෙයියොද ඇහුව අනුර තමයි ඉතිහාසයේ වැඩිම ආයතන ගාණක් තමන් යටතේ තියාගත් ජනාධිපති…! සුගීශ්වර බණ්ඩාර…

November 30, 2024 at 10:10 am | by emanisa.lk

ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ළඟ තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර දිසානායක ඉතිහාස ගත වන බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමාට,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය ආයතන තබා ගැනීම සම්බන්ධව චෝදනා කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ ගැසට් කර ගැනීම හාස්‍යයට කරුණක්.

මේ තුලින් ජනපති අනුර කුමාර දිසානායක මහතා වැඩිම රාජ්‍ය ආයතන ප්‍රමාණයක් තමන් යටතේ තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ඉතාහාසයට එක් වෙනවා.

ජනාධිපතිතුමා තමන් යටතේ ආරක්ෂක ,ආර්ථික, ඩිජිටල් ආමාත්‍යාංශ යටතේ රාජ්‍ය ආයතන 94 ක් ගැසට් කර ගැනීම විමතියට පත්වන කරුණක්. මේ තුලින් ආණ්ඩුව තුල ආර්ථික ඒකාධීපතිත්වය ජනාධිපතිතුමා හසුරුවන බව පැහැදිලියි.

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාශය /ආර්ථික අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම ප්‍රශ්න කල දැඩි විවේචනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන් යටතේ එකී අමාත්‍යාංශ දැන් තබා ගනුයේ කිනම් පදනමෙන්ද?

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා කතරගම දෙවියන් දැයි ඇසු ජනපති අනුරගෙන් හා ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දැන් අපට ඇසිය යුතු වන්නේ අනුර ජනපති සර්ව බලධාරී දෙවියන් හෝ කතරගම දෙවියන් ද කියලා.

මේ ප්‍රධාන අමාත්‍යංශ තුන යටතේ ශ්‍රි ලංකා ගුවන් සේවය, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, අපනයන ,ආනයන දෙපාර්තමේන්තුව,සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, මොබිටෙල් ආයතනය ආදි රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන 94 ක් තියෙනවා, ජාතික ජන බලවේග ආණ්ඩුවේ අනිත් අමාත්‍යවරුන්ට ආදායම් ඇති ආයතන නැති තරම්.
එමෙන්ම ජනපතිගේ මේ ක්‍රියාවෙන් ආර්ථික ඒකාධිපතිවාදයක් තමන් සතු කර ගන්නා ලද බවක්ද පෙනි යනවා. එය ජනපතිතුමන්ගේ බල තණ්හාවද නැතිනම් අන් පිරිසගේ නොහැකියාවද යන්න රටට ප්‍රකාශ කරන්නැයි අපි ජනපති අනුර මහතාගෙන් ඉල්ලා සිටිනවා. අද පාර්ලිමේන්තුව නොමේරු ළදරු ඒකකයක් බවට පත් වී ඇති බවයි අපට පැහැදිලි වන්නේ.

මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර ජාතික ආරක්ෂාවත් සමග සෙල්ලම් කරමින් ඉන්නවා. මේ නිසා රට කෙමෙන් කෙමෙන් බෙදුම්වාදය හරහා ඊළම වෙත තල්ලු වේ දෝයි සාධාරණ බයක් අපිට තියෙනවා.

රටපුරා කඳවුරු පිහිටුවමින් පාරවල් වසා දමා තිබ්බේ විනෝදෙට නෙමේ. උපාය මාර්ගිකව වැදගත් නිසා. ඇයි ආණ්ඩුවට මේ ගැන අද වන තුරු ආරක්ෂක අමාත්‍යංශයෙන් කිසිම පැහැදිලි කිරීමක් නෑ. මේ කඳවුරු ඉවත් කරන්න පාරවල් අරින්න ඇයි මෙච්චර හදිස්සි.

අපි ආණ්ඩුවෙන් අහනවා මේ කඳවුරු ඉවත් කරන්න කලින් මේ පිළිබදව ආරක්ෂක කවුන්සලයේ මේ ගැන සාකච්ඡා කළාද? පලාලි අච්චුවේලි පාර විවෘත කරලා මේ වෙන කොටත් හමුදා කඳවුරු හතරක් උතුරේ ඉවත් කරලා.

අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ රටේ හිටපු අසහාය රණවිරුවකු වු හසලක ගාමිණි දිවපිදු අලිමංකඩ කඳවුරත් ඉවත් කරන්න සුදානම් බව. එම නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා මේ හදන්නේ ජනපතිතුමා උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රට බෙදුම්වාදයට ඇදගෙන යාමටද කියලා.

නොවැම්බර් 27 වන දින කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් යුද්ධයෙන් පසු පැවැත්වු දැවැන්තම මහවිරු සැමරුම පැවැත්වීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. LTTE සංවිධානය යනු ජාත්‍යන්තරව තහනම් සංවිධානයක්.

එය එංගලන්තය ,ඇමරිකාව වැනි රටවල පවා තහනම් කර තිබෙනවා. එහෙම තහනම් සංවිධානයක නායකයා සැමරීමට අප රටේ ඉඩ දීමෙන් පෙනියන්නේ මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොමැති බවයි.

මිය ගිය අය සැමරුමට, පහන් පත්තු කලාට මල් පුජා කලාට ගැටළුවක් නැත. එය අපිට ප්‍රශ්නයක් නොවේ. හැබැයි තහනම් සංවිධානයක නායකයා සමරන්න පුළුවන්ද තහනම් ලාංඡන කොඩි පුවරු ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද ? මේ රටේ 27000 ක් රණවිරුවෝ ජීවිත පූජාකළේ, 17 000 වැඩි පිරිසක් දෙඅත් ,දෙපා අහිමි කර ගත්තේ මේකටද?

අද මේ මහවිරු සැමරුම ගැන ආණ්ඩුවේ ඇමතිවරු අතරත් තියෙන්නේ පරස්පරයක්. රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින් ද ජයතිස්ස මැතිතුමා කියනවා, එහෙම තහනම් සංවිධානයක, කොඩි, දජ, ලාංජන,ප්‍රදර්ශනය තහනම් කියලා. මේ ආණ්ඩුවට අපි පැහැදිලිව කියනවා ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන්න එපා කියන වග.

අපි අහන්න කැමති, මහජන ආරක්ෂක ආමාත්‍යතුමාගෙන් මේ සැමරුම ගැන ඔබතුමා ගරු ජනාධිපතිතුමාව දැනුම්වත් කළාද? ආරක්ෂක කවුන්සලය දැනුමිවත් කළා ද යන්න . මේ ත්‍රස්ත්‍ර සැමරුම නතර කිරීමට ගත් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවාද යන්න රටට දැනුම්වත් කරන ලෙස.
රාජාසන කතාවේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ මෙන්ම දකුණේ බෙදුම්වාදය අවසන් වගයි. නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ කර පැය කීපයක් ගතවීමට මත්තෙන් උතුරේ බෙදුම්වාදය ආරම්භ කළා. මෙයට ද 68 ලක්ෂයක ජනෙවරම ඔහුට ජනතාව විසින ලබා දුන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස