මහින්දානන්දට ඕන විදිහට වන්දි දෙන්න බෑ..! පොහොර කෑන් පොළොවේ ගැසූ ගොවීන්ටත් වන්දි දෙනු..! – රාජ්‍ය ඇමැති..

January 3, 2022 at 6:49 pm | by emanisa.lk

මේ රටේ සියලු ගොවි ජනතාවට පසුගිය කන්නයේ දී රසායනික පොහොර නොලැබුණු බවත් ඔවුන් භාවිත කළේ කාබනික පොහොර බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ඒ අතර කාබනික පොහොර භාවිත නොකළ ඒවා ඉවත විසි කළ පිරිසක් ද සිටිය හැකි බවයි.

කෙසේ වුව ද ඒ සියලු දෙනාට වන්දි ලබා දිය යුතු බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඔවුන් කිසිවෙකුට රසායනික පොහොර නොලැබුණු බව ද දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *