ප්‍රභාකරන්ටවත් කුස්සියට බෝම්බ ගහන්න බැරි වුණා..! හිට්ලර්ට පස්සේ ගෑස් ගසා මිනිස්සු මරන්නේ ගෝඨා…! – රංගෙබණ්ඩාර…

December 20, 2021 at 12:09 pm | by emanisa.lk

තිස් අවුරුදු දැවැන්ත යුද්ධයක් තිබිය දී රටේ තැන තැන බෝම්බ පුපුරද්දී සෑම නිවසක ම කුස්සිවල බෝම්බ පිපිරවීමට ප්‍රභාකරන්ට බැරි වූවත් මේ ආණ්ඩුව ඒ දේ කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (19) අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීවේය.

“ජාතික ආරක්ෂාව සලසන බවට පොරොන්දු දී බලයට පැමිණි මේ ආණ්ඩුව කුස්සියේ බෝම්බ පුපුරවා ගෘහණියන් මරා දමන ආණ්ඩුවක් බවට පත් වෙලා. හිට්ලර් කාමරවලට මිනිස්සු දමා ගෑස් ගසා ඒ මිනිස්සු මරා දැම්මා. හිට්ලර් ගෙන් පසු ගෑස් දමා මිනිස්සු මරන එකම ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ගෙන එන බව කියමින් බලයට පැමිණි මේ ආණ්ඩුවයි.

චීන පොහොර නමින් අසූචි ගෙනත් පොහොර නැතිවම ඩොලර් ලක්ෂ 67ක් ගෙවන්න ආණ්ඩුව කටයුතු කරනවා. කැබිනට් ඇමතිවරු මේ ගෙවීම් සාධාරණීකරණය කර කතා කරනවා. ප්‍රමිතිය පරික්ෂා කළ කිසිම නිලධාරියකුට විරුද්ධව පියවර ගෙන නැහැ.

හරි නම් වරද සිදු කළ අයගෙන් මෙම වන්දි මුදල අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. නැති නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. ඒ දෙකම නොකර ජනතා මුදලින් ඩොලර් ලක්ෂ 67ක් ගෙවන්න කටයුතු කරනවා. රටේ කිරිපිටි නැහැ. අත්‍යාවශ්‍ය ඖෂධ නැහැ. මේ තත්ත්වය තිබිය දි අසූචි නැවකට මුදල් ගෙවනවා. සෞභාග්‍යයේ දැක්ම මෙයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *