මහාරාජගේ මළ ගෙදර නිරෝධායන නීති කඩල නම් දඬුවම් දෙනවා….! – සම කැබිනට් ප්‍රකාශක….

July 27, 2021 at 11:46 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතව අභාප්‍රාප්ත වූ සිරස මාධ්‍ය ජාලයේ සභාපති කිලී මහරාජාගේ අවමඟුල් කටයුතු අවස්ථාවේ නිරෝධායන නීති උල්ලංඝනය වී ඇත්දැයි විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි වෙත නියෝග කර තිබේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා වහා ම වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර තිබේ.

එවැනි නීති උල්ලංඝනය වීමක් සිදුව ඇත්නම් නීති මාර්ගයෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අවධාරණය කරයි.

කිලී මහාරාජාගේ අවමංගල කටයුතු පසුගියදා සියලු නිරෝධායන නීති කඩකරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ල විය.

කොවිඩ් ආසාදිතව මිය යන සාමාන්‍ය ජනතාවගේ අවමංගල්‍ය උත්සව සමීපතම ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවන පසුබිමක බලවතුන්ට නීතිය නැමීම ඔවුන්ගේ විරෝධයට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *