මිලියන 400කට පෝර්ට්සිටියට කඩේ ගිය සිරස පෝර්ට්සිටි විරෝධයේ…! ලෝගෝවත් චීනකරණය වෙයි…!

May 22, 2021 at 9:40 am | by emanisa.lk

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වීමට එරෙහිව සිරස රූපවාහිනිය සිය නාළිකාවේ තේමා පාඨය වන “සත්‍ය සටහන බුද්ධියේ විමසුම” යන්න චීන අකුරින් ප්‍රදර්ශනය කර තිබේ.

2015ට පෙර සිරස නාළිකාව යොදා ගෙන දැඩි වරාය නගර භීතිකාවක් නිර්මාණය කළ කිලි මහාරාජා අනතුරුව යහපාලන ආණ්ඩුව සමයේ වරාය නගරය ප්‍රවර්ධනය සඳහා රු. මිලියන 400ක මුදලක් ලබා ගෙන වරාය නගර ප්‍රවර්ධන වැඩසටහනක් කළ බව සඳහන් වෙයි.

රට ම රොද බඳින රන්භූමි නමින් හැඳින් වූ එම වරාය නගර ප්‍රවර්ධන වැඩසටහන මගින් ප්‍රචාරක රථයක් මගින් රට පුරා ගොස් ගමකින් ගඩෙල බැගින් ගෙනැවිත් වරාය නගරයේ නෙලුම් කුලුනට වඩා උස කුලුනක් නිර්මාණය කිරීමට සැලසුම විය.

කෙසේ වුව ද රටේ ඇතැම් පළාත්වලට සිරස ප්‍රචාරක රථයක් ගොස් ගඩොල් රැගෙන ආව ද එවැනි කුලුනක් වරාය නගරයේ ඉදිවූයේ නැත. මෙම ගරිල්ලා මාර්කටිං මාධ්‍ය මෙහෙයුම ඔස්සේ අදාළ මුදලින් අතිවිශාල කොටසක් වංචා කර ඇතැයි සිරස නාළිකාවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *