සිරස ප්‍රධානී කිලී මහාරාජා අභාවප්‍රාප්ත වෙයි…..!

July 25, 2021 at 9:18 am | by emanisa.lk

සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා ආයතනයේ ප්‍රධානි, ප්‍රකට ව්‍යාපාරික රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

කෝවිඩ් 19 ආසාදනය වී පසුගිය දින කිහිපයේ බරපතළ ලෙස රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට 79 හැවිරිදි වියේ පසු වූ ඔහු කෝවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකු බව දැනගන්නට තිබේ.

කිලී මහාරාජා පොහොර රසායනික ද්‍රව්‍ය ආනයන ආයතන කිහිපයක් ඇතුළු තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු ය.

ඔහු ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා විශාල සේවයක් කළ මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස හැඳින්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *