මහර චණ්ඩි හිරගෙදර පන්සලට අත තියල නෑ!

December 7, 2020 at 7:52 am | by emanisa.lk

මහර බන්ධනාගාරයේ අතට හසුවන සියල්ලම ගිනිබත් කළ රැඳවියන් එම බන්ධනාගාර භූමිය තුළ තිබෙන පන්සලට හා එම පන්සල අවට සිටුවා තිබූ බෞද්ධ කොඩිවලට කිසිදු හානියක් නොකොට ආරක්ෂා කොට තිබෙන බව දැනගන්නට තිබේ.

මහර බන්ධනාගාර භූමියේ කුස්සිය හා ආපනශාලාව පසුකොට යන විට මෙම පන්සල පිහිටා තිබේ.

පන්සලට සහ පන්සල් භූමියේ සිටුවා තිබෙන කොඩිවලට පමණක් නොව මහර බන්ධනාගාරය තුළ ස්ථාපිත කොට තිබෙන හින්දු කෝවිලට හෝ මුස්ලිම් පල්ලියට ද කිසිදු හානියක් නොකිරීමට ප්‍රචණ්ඩකාරීව හැසිරුණු රැඳවියන් වග බලා ගෙන තිබෙන බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *