මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මේ වන විට සිව් දෙනෙකු මිය ගොස් විසි හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.
මෘත ශරීර රාගම රෝහලේ ඇති අතර තුවාල ලැබූ පිරිස ද රෝහල්ගත කර තිබේ.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බවත් එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.