මර්වින් සිල්වාගේ නියෝග ක්‍රියාත්මකයි…! උදෑසන ම පත්තිරිප්පුව ගලවයි..!

January 8, 2023 at 5:04 pm | by emanisa.lk

මහනුවර දළදා මාළිගාවේ අනුරුවක් ආකාරයෙන් කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර තිබූ ගොඩනැගිල්ලේ පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම අද (08) උදෑසන ආරම්භ කර තිබේ.

ඊයේ සිය ආධාරකරුවන් පිරිසක් සමග එහි ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එම ගොඩනැගිල්ලේ හිමිකරුට නියෝග කර තිබුණේ එහි පත්තිරිප්පුව සති දෙකක් තුළ කඩා ඉවත් කරන ලෙසයි.

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම පොලිසියට ද පැමිණිලි කර තිබුණු අතර පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *