දළදා හිමි පිටරට වැඩි කතා බොරු..! මහනුවර වැඩ වසනවා..! මම හදන්නේ බුද්ධ මන්දිරයක්..! – ජානක සේනාධිපති…

January 7, 2023 at 11:42 am | by emanisa.lk

ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් පවතින බවට චෝදනා එල්ල වන ජානක සේනාධිපති එම චෝදනා ප්‍රතික්ෂේප කරය

ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කොට තිබුණි.

තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු එහි දී සඳහන් කළේ දළදා වහන්සේ වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගයේ බව තමන්ද පිළිගන්නා බවය.

දළදා මැදුරේ දළදාව නොමැති බවට සහ එය පාකිස්ථානයේ සිට තමා ගොඩනඟන නව දළදා මාළිගාවට වඩම්මන බවට ඔහු ප්‍රචාරයක් දියත් කොට ඇතැයි චෝදනා එල්ල විය.

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබුණි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *