පත්තිරිප්පුව කඩනු…! බෝසත් නම හලනු…! – මර්වින් සිල්වා…

January 7, 2023 at 4:44 pm | by emanisa.lk

කුරුණෑගල පොතුහැර අලුතින් ඉදිවන බව පවසන නව දළදා මැදුර නැරඹීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද ගියේය.

එහි ඉදිකරන පත්තිරිප්පු අනුරුව සති දෙකක් ඇතුළත වෙනස් කරන ලෙස දැනුම් දුන් මර්වින් සිල්වා, එය ඉදිකරන ජානක සේනාධිපතිට සිය නම මුලට භාවිත කරන බෝසත් කොටස ඉවත් කරන ලෙස ද නියෝග කළේය.

එහි පැවැත්වෙන දන්සැලට කෑම බීම ලබා දෙන බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කාලි කෝවිලේ එළුවන් ඝාතනය නතර කළේ තමන් බව ද මර්වින් සිල්වා එහි දී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *