මර්දනය වහාම නතර කරන්නැයි ජනපතිට දැනුම් දුන්නා…! පොලිිසිය අපි ඉස්සරහා හොටු පෙරා ගෙන ඇඬුවා…! – රාජිත…

August 25, 2022 at 12:28 pm | by emanisa.lk

ඊයේ (24) විවාහ මංගල උත්සව අවස්ථාවක දී මුණ ගැසී ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙම මර්දනය වහාම නතර කරන ලෙස තමා දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

නිවාස ගිනි තැබූ පොදු දේපළ විනාශ කළ අයට දඬුවම් කිරීමට තමා එරෙහි නොවන නමුත් මේ වන විට අහිංසක අරගලකරුවන් මර්දනය කරමින් ඇතැයි ද හිටපු ඇමැතිවරයා චෝදනා කළේය.

මෙය ජනාධිපතිවරයා අපහසුතාවට පත් කිරීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින් සිදු කරන්නේ දැයි තමාට සැකයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ පොලිස් නිලධාරීන් තමා ඉදිරියට පැමිණ කඳුලු සලමින් හොටු හූරමින් හඬා වැටුණු බව නැවත එවැනි තත්ත්වයකට වැටීමට කටයුතු නොකරන ලෙස පොලිසියට දැනුම් දෙන බව ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *