මරණය සැකයි කියා රංගගේ බිරිඳ පැමිණිලි කළේ නෑ… සුංබුං කල්ලිය ඔටුනු පළඳින්න බොරු වපුරනවා…! – අධිකරණ ඇමති…

May 6, 2026 at 9:35 am | by emanisa.lk

මහා භාණ්ඩාගාරයේ විදේශ සේවා අංශයේ හිටපු අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ පැමිණිලි කළ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“කාලකන්නි දේශපාලනයට එන්න එපා. කාටද පැමිණිලි කළේ. කොයි පොලිසියටද කවදදා පැමිණිලි කළේ. එහෙම දෙයක් වෙලා නෑ.

සම්පූර්ණ අසත්‍යයක්. තමන්ගේ ඔළුවට ඔටුන්න දා ගන්න ඔය තරම් පහත් මට්ටමට වැටෙන්න එපා මම මේ සුංබුං කල්ලියට කියනවා.”

අධිකරණ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *