පක්ෂෙට ජීවිතේම කැපකළ රංගගේ මළ ගෙදරට ආණ්ඩුවේ කවුරුත් ගියේ නෑ… බණ ගෙදරට හරි ගිහින් ශෝකය ප්‍රකාශ කරන්න….! – අජිත් පී. පෙරේරා….

May 5, 2026 at 8:05 pm | by emanisa.lk

මහා භාණ්ඩාගාරයේ විදේශ සේවා අංශයේ අධ්‍යක්ෂ ධුරය දරමින් සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ රංග රාජපක්ෂ සැලසුම් අංශයේ ජ්‍යේෂ්ඨ උගත් නිලධාරියෙකු වුවද ඔහු අලුතින් පත්කළ අංශයේ කිසිදු පළපුරුද්දක් නොමැති අයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු අවංකව දේශපාලනය කළ අයකු බවත් ඩොලර් මිලියන දෙකහමාර අස්ථානගතවීමත් සමග තම පක්ෂය විසින් පැවරූ නිසා අදාළ වගකීම භාරගත් රංග රාජපක්ෂගේ වැඩ තහනම් කර ඔහු මානසික පීඩනයට ලක් කළේද ඔහු විශ්වාස කළ ආණ්ඩුව බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

විශ්වවිද්‍යාල සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේද අනතුරුව රැකියාවට පැමිණ එහිදීද පක්ෂය වෙනුවෙන් දරාගත නොහැකි තරම් වගකීම් භාරගෙන කැපවී කටයුතු කළ රංග රාජපක්ෂට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති හෝ අගමැතිනිය හෝ ආණ්ඩුවේ කිසිදු නායකයෙකු නොගිය බවටද අවම වශයෙන් ශෝකය ප්‍රකාශ කිරීමක් සිදුනොකළ බවටද අජිත් පී. පෙරේරා චෝදනා කරයි.

මෙම නිලධාරියා වැරදිකරුවෙකු යැයි තමන් නොකියන බවත් තමන්ගේ සගයෙකු අමාරුවේ වැටුණු විට මළ ගෙදරට පවා නොයන මැති ඇමතිලා සිටින ආණ්ඩුව වෙනුවෙන් තවමත් දරදිය අදින රාජ්‍ය නිලධාරීන් මෙය පාඩමක් කරගත යුතු බව සඳහන් කළ හෙතෙම, සිය සගයාගේ බණ ගෙදරට හෝ දානයට හෝ ගොස් ඔහුගේ දරු පවුලට ශෝකය ප්‍රකාශ කරන ලෙසද ඉල්ලා සිටියේය.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් අජිත් පී. පෙරේරා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *