මම මැන්ඩෙලා වගේ අව්‍යාජ නාකයෙක් නිසා දඬුවම් විඳින්න වෙලා..! – මෛත්‍රී…

February 27, 2023 at 3:18 pm | by emanisa.lk

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

දකුණු කොරියාවේ සියොල් නුවර පැවැති ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස තමන් රටේ අසරණ සහ දුගීභාවයට පත් ජනතාව වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගීතාව හා සහෝදරත්වය අපේක්ෂා කරන බව ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් අරමුණට අවංක වූ ආණ්ඩු පක්ෂයක් ද, පටු දේශපාලනික අරමුණුවලින් ඔබ්බට සිතන ප්‍රගතීශීලී විපක්ෂයක් ද තිබීම වැදගත් බවත්, එසේ නොවන විට එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන පැවසිය.

දකුනු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩේලා වැනි අව්‍යාජ සෘජු නායකයන්ට අසාධාරණ ලෙස විවිධ දඬුවම් විඳින්නට සිදුවීම ස්වභාවික බව කී මෛත්‍රීපාල සිරිසේන, ඊට හේතුව යුක්තිය දේශපාලනීකරණයවීම බවත්, ඒ සියල්ල නිහඬව දරාගන්නා නායකයින් අභියෝග මැද සිය අවසාන අරමුණ ජයගන්නා බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *