මම නිර්දේශ කළ කොරෝනා බෙහෙත දැන් ගලිගමුව රෝහලත් පිළිඅරගෙන! – සජිත්

October 24, 2020 at 12:08 pm | by emanisa.lk

කොරෝනා සමාජගත වී තිබේ දැයි තමා සෞඛ්‍ය ඇමැතිනියගෙන් විමසුව ද ඈ එවැනි සමාජ ව්‍යාප්තියක් නැතැයි පවසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් මේ වන විට සමාජයේ මතුව ඇති පොකුරුවල මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන බව හෙතෙම පවසයි.

කොරෝනා සඳහා ලබාගත හැකි ඖෂධයක් තමා ප්‍රකාශ කළ ද පිරිසක් ඊට විහිළු තහළු කළ බවත් මේ වන විට ගල්ගමුව රෝහලට එම ඖෂධ ඇනවුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

කෙසේ වුවද රාජ්‍ය ඖෂධ අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ එම ඖෂධය රටේ සියලු ම රෝහල් සඳහා ලබා දෙන බවත් ඒ ආතරයිටිස් රෝගීන් සඳහා බවත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස