ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීමේ අයිතිය අහෝසි කරන 21 වන සංශෝධනයට තමන් ඡන්දය ප්‍රකාශ කළ බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
තමන් ද්විත්වපුරවැසියකු නොවන නිසා ඒ පිළිබඳ කිසිදු චකිතයක් තමා තුළ නොවූ බවයි, ඩයනා ගමගේ සඳහන් කළේ.
සිය මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වුව ද තම පියා මේ රටේ බෞද්ධ පරම්පරාවක පුද්ගලයකු බව සඳහන් කළ ඇය, තමා කිසිදු අවස්ථාවක බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය නොගත් බව ද අවධාරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ මෙන් ම ගීතා කුමාරසිංහ ද ද්විත්ව පුරවැසියන් වූ නිසා ගැටලු මතු වුව ද තමන්ට එවැනි ගැටලුවක් නොමැති බවත් අධිකරණය තීන්දුව ලබා දෙන තුරු තමා බලා සිටින බවත් ඩයනා ගමගේ වැඩි දුරටත් පවසයි.