කොවිඩ් නිසා අහිමි වූ දෙවසර ජනපතිට නැවත දිය යුතුයි…! – ඩයනා ගමගේ..

January 22, 2022 at 6:10 am | by emanisa.lk

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැති වූ  වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී  ඩයනා ගමගේ ඊයෙි (21) පැවසුවාය.

ඒ සමගම  පාර්ලිමේන්තුවේ කාලය ද  වසරකින් දෙකකින්  දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය.

ඈ මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ්  නිසා  අහිමි වූ කාලය තිබුණේ නම්  සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.

“අපි ඉන්නකන් ජනාධිපතිතුමාට  ෆේල්  වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යැයිද  ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

කොවිඩ්  අර්බුදය නිසා  මුළු ලෝකය ම ගැටලුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය.

ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව  මන්ත්‍රීවරිය  වැඩිදුරටත් කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *