මම ජනාධිපති වෙලා බෞද්ධ අන්තවාදය පාලනය කළා! මුස්ලිම් අන්තවාදය නම් පාලනය කරගන්න බැරි වුණා! – මෛත්‍රී

October 14, 2020 at 12:13 am | by emanisa.lk

2015 ජනාධිපති ධුරයට පත් තමාට බෞද්ධ අන්තවාදය පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂා දෙමින් ඔහු මෙසේ සඳහන් කළේය.

සිය පාලන කාලය තුළ මුස්ලිම් අන්තවාදය පාලනය කරගත නොහැකි වූයේ මන්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ විට ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“මට බෞද්ධ අන්තවාදය පාලන කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළා. ඇතැම් විට මහා නායක හිමිවරුන් මාර්ගයෙනුත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

නමුත් මුස්ලිම් අන්තවාදය පාලනය කර ගන්න මට හැකියාවක් ලැබුණේ නෑ. මුස්ලිම් අන්තවාදී සංවිධානවල පිරිස් මම ඍජුව ම මුණ ගැසුණේ නෑ. රාජ්‍ය නොවන සංවිධාන සහ විදෙස් තානාපති කාර්යාල එ්වා වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා රජයක් ලෙස අපි ඒවා මර්දනයට කටයුතු කරද්දී අසීරුතාවලට මුහුණ දුන්නා.”

ජනාධිපතිවරණයේ දී සහරාන් හෂීම් තමන්ට සහාය ලබා දුන්නේ දැයි තමා නො දන්නා බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස