මම ජනාධිපති වුණේ සංදර්ශන දාලා නෙමෙයි වැඩ කරලා…! ගමට ආවේ විපක්ෂයේ ඉඳලා නෙමෙයි රාජ්‍ය නායකයා වෙලා…!- ජනපති….

February 6, 2021 at 2:09 pm | by emanisa.lk

නිලධාරීන් සමඟ දුෂ්කර ගම්මානවලට පැමිණෙන්නේ එහි පවතින ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රටේ ජනාධිපතිවරයා තබා බොහෝ රාජ්‍ය නිලධාරීන් පවා සාමාන්‍යයෙන් දුෂ්කර ගම්මානවලට නොපැමිණෙන බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඇතැමුන් මෙය දේශපාලන සංදර්ශනයක් මාධ්‍ය සංදර්ශනයක් ලෙස සමාජමාධ්‍යවල විවේචනය කළ ද එවැනි සංදර්ශන කරන්නේ මැතිවරණ ආසන්නයේ බවත් ඒ සඳහා තවත් වසර 04ක් ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

බොහෝ දේශපාලකයින් විපක්ෂයේ සිටින විට ජනතාව අතරට ගිය ද බලයට පත් වූ පසු ජනතාව අතරට නොයන බවත් ඔහු සඳහන් කළේ ය.

තමා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පරිසරය සමඟ සංවර්ධනය කරන්නේ කෙසේ දැයි කොළඹ නගරයෙන් පෙන්වා දුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ ය.

තමා ජනාධිපති ධුරයට පත් වූයේ මාධ්‍ය සංදර්ශන පවත්වා නොව වැඩ කර බවත් ඒ ප්‍රාදේශීය සභාවක පවා නොඉඳ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

අද (06) දැරණියගල දී ගම සමඟ පිළිසඳර 09 වෙනි අදියරට එකතු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස