මම ගුරු වැටුප් ගැටලුව විසඳන්න හදන කොට ම ආණ්ඩුව පෙරළුණා…! – අකිල…

October 14, 2021 at 7:53 am | by emanisa.lk

තමන් අධ්‍යාපන ඇමැති ධූරයෙහි සිටිය දී ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා 2019 වසරේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඒ සඳහා අවශ්‍ය මුදල් ද වෙන් කළ බව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

“මෙම ගැටලුව විසඳීමට නම් ගුරුවරුන් සහ ආණ්ඩුව මධ්‍යස්ථ තීරණයකට පැමිණිය යුතයි. මේ අවස්ථාවේදී ගුරුවරයාද සිය ඉල්ලීම් ගෙඩිය පිටින් ඉල්ලා සිටීම නොකළ යුතුයි.

මේ වන විට රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටි පසුගිය ආණ්ඩුවෙන් දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට සූදානම් වූවේ ඒ මගින් දරුවන්ට අනවශ්‍ය පරිගණක ක්‍රීඩා ඇතුළු අනවශ්‍ය දෑ අවහිර කරමින්.

අද දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබනවා වෙනුවට අනවශ්‍ය දෑ වෙත ගමන් කිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *