මම ගියේ කොළඹ ඉඩම් කොල්ලකාරයෝ අල්ලන්න! – පිස්තෝල නගරධිපති….

November 4, 2020 at 10:49 am | by emanisa.lk

තමාගේ පෞද්ගලික ආරක්ෂක සේවය කටයුතු කරන්නේ කොළඹ ඉඩම් කොල්ලකන සංවිධානාත්මක අපරාධකාරයන්ට එරෙහිව යුක්තිය සැබෑ ඉඩම් හිමියන්ගේ අයිතීන් සුරැකීමට බව එරාජ් ප්‍රනාන්දු පවසයි.

හම්බන්තොට හිටපු නගරාධිපතිවරයා පවසන්නේ විදෙස්ගත ලාංකිකයන්ගේ ඉඩම් කොල්ලය වසර 30කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අපරාධයක් බව ය.

මීට එරෙහිව ඇතැම් අවස්ථාවල අධිකරණයට පවා බලහත්කාරයෙන් රැඳී සිටින කණ්ඩායම් ඉවත් කළ නොහැකි අවස්ථාවල සිය ආරක්ෂ සේවයේ කණ්ඩායම් අදාළ ගිවිසුම් අත්සන් කර එම කටයුතුවලට දායක වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පසුගිය සමයේ සිය ආරක්ෂක සේවය මගින් අත්පත් කරගත් ඉඩමට වෙනත් හිමිකරුවෙකු මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොමැති බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස