කොවිඩ් පාලන එන්නත තමන්ට බලෙන් දීමට උත්සාහ කරන්නේ ඇයි දැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් විමසයි.
තමා එන්නත් ලබා නොගන්නා බව ද ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසයි.
කෙසේ වුව ද එහි පළ වී ඇති ප්‍රතිචාරවලින් 99%කට වඩා ඔහුගේ ප්‍රකාශයට විරෝධය පළකර තිබේ.
එන්නත ලබා ගැනීම තමාගේ පමණක් නොව සමාජයේ ද ආරක්ෂාව පිණිස වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් වගකීම් විරහිතව වැඩ නොකරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.