පැහැරගත් අසේල සම්පත් වෙනුවෙන් නීති සහාය දෙනවා…! – සජිත් ප්‍රේමදාස…

June 26, 2021 at 8:00 am | by emanisa.lk

මහජන අයිතීන් සුරැකී‍මේ ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.

කෙසේ නමුත් පසුව වාර්තා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව යැයි ද එහි දැක්වෙයි.

ඔහුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් නීතිඥ සහාය ලබා දීමට ද සූදානම් බවත් විපක්ෂ නායකයා වැඩි දුරටත් පවසයි.

අසේල සම්පත් (කැන්ටින් අසේල) අත්අඩංගුවට ගෙන ඇත්තේ එන්නත්කරණ වැඩසටහන ඔස්සේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ලක්ෂ 200ක් වටිනා නිවසක් මිලට ගෙන ඇති බවට සිදුකළ අසත්‍ය චෝදනාවක් පිළිබඳ ප්‍රශ්න කිරීමට ය. යහපාලන ආණ්ඩුව සමයේ තමන්ට මරණ තර්ජන එල්ල වූ බව පවසමින් ඔහු ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ද ඉවත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *