බුදුන් ගංජා ගසන බව කියූ අසේල සම්පත් අත්අඩංගුවට….!

April 13, 2021 at 2:36 pm | by emanisa.lk

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් විවෘත වරෙන්තු යටතේ සිට ඇති අතර වරෙන්තුව ක්‍රියාත්මක කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

බුදුන් වහන්සේ ද ගංජා භාවිත කළේ යැයි පසුගිය සමයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ද මොහු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *