කැන්ටින් අසේලට වගකීමෙන් තොර ප්‍රකාශ නොකරන ලෙස දැඩි අවවාද සමඟ ඇප….!

June 26, 2021 at 3:35 pm | by emanisa.lk

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්ට තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මින් ඉදිරියට වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණි.

අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

අධිකරණයේ දී අනාවරණය වූයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස