මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසි දිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද (25) මේ බව පැවසීය.
“මම කිසි දවසක අගමැතිකම දෙන්න, අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ.
මම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙයට පෙර ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කළා.
ඒක මගේ තනි තනි මතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධය ඇතිවයි කළේ.”