මාධ්‍යයේ පිහිටින් බලයට ආ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මාධ්‍ය පෙනී සිටින විට මරු විකලෙන් මාධ්‍යයට පහර දෙමින් ඇතැයි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් චෝදනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැනි පුද්ගලයන් මරු විකලෙන් මාධ්‍යයට එළව එළවා පහර දෙමින් ඇති බව ද ඔහු සඳහන් කරයි.
“මනුවර්ණලාගේ පැටිකිරිය අපි දන්නවා. ITN එක ළඟ තියෙනවා වැවක්. ඒ වැව ළඟ හයිටේෂන් ටවර් එක ළඟ ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ටෙලි නාට්‍යවල රඟපාන්න එන අහිංසක නිළියන්ගේ විලාපය අපි දන්නවා.
ඒ නිසා ඔයා වීදුරු ගෙවල්වල ඉඳං ගල් ගහන්න හදන්න එපා. ඔයාගේ රංගනය, ඔයාගේ හැකියාව අපි අගය කරනවා. හැබැයි ඔයා නිකං සුදනා වෙලා මාධ්‍යයට කතා කරන්න එපා.
ඔයා කළ අපරාධවල විලාපය අර ටවර් එක ළඟ ගෙස්ට් හවුස් එකේ රූම්වල දෙදරනවා. ඔයා මේ රටේ මාධ්‍යට අත තියන්න ආවොත් ඒ පැටිකිරිය අපි එළියට දානවා.”
මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අසේල සම්පත් මේ බව කීය.