ජගත් මනුවර්ණගෙන් මහජන බැංකුවට ලක්ෂ 80ක පොල්ලක්! ණය මුදල බොල් ණය ලෙස කපන්නැයි ඇමතිගෙන් බලපෑම්?

September 8, 2019 at 2:01 pm | by emanisa.lk

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහජන බැංකුවෙන් ලක්ෂ 80ක ණයක් ගෙන ගෙවා හැරීම පැහැර හැරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවට පුවත සමාජජාලාවල පැතිර යයි.

ව්‍යාජ ව්‍යාපාර දත්ත සපයා මෙම ණය මුදල ලබා ගත් බවට සහ ණය ගෙවීම පැහැර හැර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙයි. මේ සඳහා බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇතැයි පැවසෙයි.

මේ අතර අදාළ ණය මුදල බොල් ණය ලෙස කපා හරින ලෙසත් ජගත් මනුවර්ණ වහාම නිදහස් කරන ලෙසත් ප්‍රබල ඇමතිවරයා බලපෑම් කරන බව ද එම ආරංචි මාර්ග පවසයි. රාජ්‍ය බැංකු පවතින්නේ මුදල් ඇමතිවරයා යටතේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමනලී ෆොන්සේකා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් උපන් හැටියේ අම්මා විසින් තමා මරා කාණුවකට විසි නොකළේ මන්දැයි අසා මටත් පදන්න ලැම්බෝගිනියක් දියවු යැයි හඬා වැටෙමින් රඟපෑවේ ඔහුය.

මෑත කාලයේ ජගත් මනුවර්ණ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවල නිතර දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස