අරගල නායක ජගත් මනුවර්ණ කෝටි ගණනට විදලා …. කොඩිගහ යට අධ්‍යක්ෂගෙන් CIDයට පැමිණිල්ලක්…!

May 3, 2024 at 4:45 pm | by emanisa.lk

කොඩිගහ යට ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියට ලබා දී එහි අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ ගිවිසුම් කරකරමින් නීති විරෝධී ලෙස මුදල් ලබා ගෙන ඇතැයි එහි නිෂ්පාදක අනිල් බණ්ඩාර චෝදනා කරයි.

අදාළ ටෙලි නාට්‍යය නිෂ්පාදනය සඳහා තමා රු. කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කළ බවයි, අනිල් බණ්ඩාර පවසන්නේ.

ටෙලි නාට්‍යය රූගත කිරීම් සඳහා එක් කොටසකට රු. ලක්ෂ 2 බැගින් තමන් ජගත් මනුවර්ණට ලබා දුන් බවත් ඔහු සිය ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනියට විකුණා එක් කොටසක් සඳහා රු. ලක්ෂ තුන බැගින් ලබා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.

ජගත් මනුවර්ණ කොකේන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතට ඇබ්බැහි වූ අයෙකු බවත් අනිල් බණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේ You Tube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *