මන්ත්‍රී ආරක්ෂාවට පොලිසියේ දෙන්නෙක් හොඳටම මදි! වහාම අපේ ආරක්ෂාව තර කරන්න! – සමගි බලෙන් ඉල්ලීමක්….

September 14, 2020 at 9:50 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී ඇති ඇමැති ආරක්ෂක කොට්ඨාස නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත.

කැබිනට් ඇමැතිවරයකුට ඇමැති ආරක්ෂක නිලධාරීන් හතක්ද රාජ්‍ය ඇමැතිවරයකුට පහක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දෙකක්ද වශයෙන් මේ වන විට ලබාදී ඇත. එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට ද එක් පොලිස් නිලධාරියකු බැගින් යොදවා ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට එක්වූ ඇමැති චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයකුට පවතින ආරක්ෂක තර්ජනය සම්බන්ධ ඇගයීම මත පදනම්ව පමණක් ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීම සලකා බැලිය හැකි බවයි. තවද ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ගේ හිඟයක්ද පවතින බව ඔහු පෙන්වාදී ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස