මන්ත්‍රීවරු ජනතාව වෙනුවෙන් ඉල්ලීම් කරනවා…! ඒවා දුරදිග යන්නේ අපරිණත නිලධාරීන් නිසයි…! – කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි

May 31, 2021 at 10:00 am | by emanisa.lk

කොළඹ එන්නත්කරණ කටයුතුවල දී ද මන්ත්‍රීවරුන් විවිධ ඉල්ලීම් සිදුකරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.

මන්ත්‍රීවරුන් ජනතා නියෝජිතයින් බවත් තමන් රාජ්‍ය නිලධාරීන් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය නිලධාරීන් ලෙස එම ඉල්ලීිම්වල තුලනයක් ඇති කරගෙන කටයුතු කිරීමට තමන් පරිණත විය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

එලෙස කටයුතු කළ නිසා මොරටුවේ සිද්ධිය වැනි දෑ කොළඹ ඇති නොවූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *