ටෝකන් එන්නත්කරණ වැඩසටහනට කැබිනට් අනුමැතිය තියෙනවා…! කිසිවෙකුට දේශපාලන ප්‍රමුඛතාවක් දුන්නේ නෑ….! – මොරටුව නගරාධිපති…

May 29, 2021 at 7:24 am | by emanisa.lk

කොවිඩ් එන්නත්කරණය සඳහා ග්‍රාමීය කමිටු හරහා වැඩපිළිවෙළක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත වී ඇතැයි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අනුව කටයුතු කළා මිස දේශපාලන ප්‍රමුඛතාවක් එන්නත්කරණය සඳහා ලබා නොදුන් බව නගරාධිපතිවරයා කියා සිටියි.

ඒ අනුව පාට පක්ෂ කිසිදු භේදයකින් තොරව එන්නත්කරණය පහසුවෙන් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් නගර සභා සීමාවේ සකස් කර ඇති බව ද ඔහු පැවසීය.

එන්නත්කරණ මධ්‍යස්ථානයක ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රථම මාධ්‍ය කළ විමසීමක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *