මම දැන් පොහොට්ටුවේ නායකයා! ශ්‍රීලනිප නායකත්වය භාරගන්න බෑ! – මහින්ද

July 19, 2020 at 9:03 am | by emanisa.lk

ශ්‍රීලනිප නායකත්වය නැවතත් භාරගැනීමේ කිසිදු අදහසක් තමන්ට නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රීලනිප නායකත්වය නැවත මහින්ද රාජපක්ෂ භාරගනු ඇති බවට සිදුකළ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙනි.

අමාත්‍ය අමරවීර කියා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන දැන් ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නිසා එය නැවත මහින්ද රාජපක්ෂ භාරගනු ඇති බවය.

තම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත් වීමෙන් පසු බොහෝ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාණය කළ බවත් අනතුරුව තමන් එහි නායකත්වය භාරගත් බවත් පැවසූ මහින්ද රාජපක්ෂ දැන් තමන් එහි නායකයා බැවින් නැවත ශ්‍රීලනිපය භාරගන්නට කිසිදු අවශ්‍යතාවක් නැතැයි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස