මට මඩ ගැහුවේ නාමල්ලා හරීන්ලා…! පවුල නිසා ගෝඨාභය රටට පිටුපෑවා…! මා ඉල්ලූ දේ ලැබුණේ ගෝඨගෝගමින් …! – දිලිත්….

June 2, 2022 at 5:36 pm | by emanisa.lk

පසුගිය කොවිඩ් වසංගත සමයෙහි හරීන් ප්‍රනාන්දගේ සහ නාමල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ජාලා සැලසුම්සහගතව තමන්ට අභූත චෝදනා එල්ල කළ බව ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට නොව රටට පිටුපෑ බවත් ජනාධිපතිවරයා අනපේක්ෂිත ලෙස පවුලේ ග්‍රහනයට නතු වීම මෙම විනාශයට හේතු වූ බවත් හෙතෙම සඳහන් කරයි.

සාටක දමා ගත් හතර දෙනෙකු කැබිනට් මණ්ඩලයේ වාඩි වී ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සිය පංගුව ඉල්ලා සිටීම නිසා ජනාධිපතිවරයා අසරණ වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගෝඨාගෝගම වෙනුවෙන් ආරම්භයේ දී සද්භාවයෙන් පිරිසක් එකතු වූ බවත් තමන් ඉල්ලා සිටි දේශපාලන ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් ඒ නිසා රටට ලැබුණු බවත් දිලිත් ජයවීර පෙන්වා දුන්නේය. කෙසේ වුව ද ගෝඨාගෝගම අවසානයේ පිටගම්කාරයින් ඩැහැ ගත් බව ද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ හෝ ගෝඨාභය රාජපක්ෂට වර්තමාන අර්බුදය ජයගත නොහැකි බවත් එය ජයගත හැකි නායකයෙකු දැකගත නොහැකි බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි. කෙසේ වුව ද රට අතහැර යාම ඒ සඳහා විකල්පය නොව මුදල් ද සතුට ද යන්න පිළිබඳ තරුණ පරපුර සමග සංවාදයක් ගොඩනැඟය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *