මට කෙතරම් වධ දුන්නත් ආයෙමත් ජනාධිපති වෙනවා…! – මෛත්‍රී…

February 1, 2023 at 11:22 am | by emanisa.lk

තමාට කුමන වධයක් දුන්නත් මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මෙවැනි ක්‍රියාවලින් තමා පරාජය කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

තමා ජනාධිපති ධූරය දැරූ සමයේ පාස්කු ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් ඔහු කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය. කතෝලික ජනතාව අතර තමා කෙරෙහි වෛරයක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කුමන හෝ ඡන්ද ප්‍රමාණයක් රැගෙන ජයගත හැකි බවට විශ්වාස කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *