මට අගමැතිකම නෙමයි ජනපතිකම දෙනු..! රට අගාධයෙන් ගොඩගන්න මම සූදානම්…! – සජිත්…

May 7, 2022 at 6:27 pm | by emanisa.lk

අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායකවරයාට අගමැතිකම බාරගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වා තිබේ.

එහි දී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව සම්බන්ධයෙන් පැය 4ක පමණ දීර්ඝ සාකච්ජාවක් පැවැත්වීමට සජබ මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙන ඇත.

මෙම සාකච්ජාවේදී අති බහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා එම තනතුරේ තබාගෙන කිසිසේත්ම ආණ්ඩුව බාර ගැනීමට කටයුතු නොකළ යුතු බවයි.

නමුත් තවත් පිරිසක් රට පත්ව ඇති මෙම අර්බුදකාරී මොහොතේ යම් කොන්දේසි මාලාවක් යටතේ රට ගොඩනැගීමට පියවර ගත යුතු බව පෙන්වා දී ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ආණ්ඩුව සමග සාකච්ජා කර තීන්දුවක් ගත යුතු බවකී. එහි දී නියත වශයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටත්, ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බවටත් යෝජනා වී තිබේ.

දෙවන යෝජනාව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ජනාධිපති ධූරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස එකඟතාව පළ කිරීමය. එහි දී විධායක ජනපති ක්‍රමයේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම යෝජනා දෙක මත පදනම්ව ජනාධිපතිවරයා හා සාකච්ජා ආරම්භ කිරීමට සජබය තීන්දු කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස