සිය සැමියා ලංකාවට ගෙන්වා ගෙන ඔහුගේ සියලු ම දේ නැති කළේ තමා බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.
සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඈ මේ බව ප්‍රකාශ කර තිබේ.
“මගේ මහත්තයා මේ අරගලයට කිසිම සම්බන්ධයක් නැහැ. එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඔහු ඉගෙන ගත්තේ. එහෙම ඉගෙනගෙන ලංකාවෙත් වානිජවේදී උපාධිය ගත්ත මනුස්සයෙක්.
එයා මේ රටේ ජීවත් වෙච්ච කෙනෙක් නෙවෙයි. පහුගිය කාලයේ එයාව මේ රටට ගෙන්න ගෙන එයාගේ සියලුම දේත් නැති කරලා දැම්මේ මම.
83 ජුලි කලබල කාලයේ සිංහල මිනිස්සු එයාගේ ගෙවල් නැති කරලා දැම්මා. එයාගේ අම්මා සිංහල තාත්තා කේරලේ. තාත්තා මේ රටේ දෙමළ මනුස්සයෙක් වත් නෙවෙයි කෙරෙළ ජාතිකයෙක්.
මට තියෙන ප්රශ්නය අද ඒ මනුස්සයා කසාද බැඳලා ඉන්නේ සිංහල ගැහැණියක්ව මම සිංහල බුද්ධාගමේ. ඉතිං කෝ මේ කතා කරන සංහිඳියාව.
මම දෙමල මනුස්සයෙක් බැන්දහම ඒ මනුස්සයා හතුරෙක් වෙනවද එහෙම වෙනවනම් මොන රටකද අපි ජීවත් වෙන්නෙ.”