මගේ නංගි දොස්තරගේ වරදින් රෝහලේ දී මිය ගියා…! – විමලවීර දිසානායක…

July 20, 2023 at 9:19 am | by emanisa.lk

තම බිරිඳගේ සහෝදරයා රෝහලේදී එන්නතක් වැරදීමකින් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක සඳහන් කරයි.

තමන්ගේ නැගණිය ද 2014 වසරේ පාදයේ සිදුකරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් දැඩි රුධිර වහනය මත මිය ගිය බව ද ඔහු පැවසීය.

තම නැගණියගේ රුධිරය වහනය වෙද්දි එය නැවැත්වීමට හෝ නැවත රුධිරය ලබාදීමට වාට්ටුව භාර වෛද්‍යවරිය කටයුතු නොකළ බව ද එය සාහසික අපරාධයක් ලෙස තමන් සලකන බව ද ඔහු පවසයි.

එහෙත් ඒ හේතුවෙන් සමස්ත වෛද්‍ය පරපුරට ම සාප නොකරන බව ද එක වෛද්‍යවරයෙකුගේ වැරැද්ද නිසා මේ රටේ සියලු දෙනාටම රෝහලට යන්නට එපා නොකියන බවත් හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *