තමා ද දැන් දරුවෙක් ඉන්න පියෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ජනහමුවකදී පැවසීය.
සිය දරුවාට පෞද්ගලික රෝහලකින් ලැබුණු නිව්මෝනියාව සඳහා ලබා දෙන එන්නත මෙරට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට රජයේ රෝහල්වලින් නොලැබෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
සෑම දරුවෙකුට ම අනිවාර්යෙන් ලබා දිය යුතු රු. 7500ක් වටිනා එම බෙහෙත මිල අධික යැයි කියා රජයේ රෝහල්වල උපදින දරුවන්ට ලබා නොදෙන බව ද හෙතෙම කීය.
මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙළ තමන් දියත් කරන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.