මගේ කතාව නෙමෙයි, අනුරගේ සම්පූර්ණ කතාව ප්‍රචාරය කරන්න….! – සජිත් සිරසට ලියූ රහස් ලිපිය ලීක් වෙයි…

April 28, 2021 at 8:25 pm | by emanisa.lk

දේශපාලන පළිගැනීම් කොමිසම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ සිදුකළ සම්පූර්ණ කතාව සිරස නාළිකාව ඔස්සේ විකාශය කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

කැපිටල් මහාරාජා ආයතනයේ ශෙවාන් ඩැනියෙල් වෙත යොමුකර ඇති ලිපියක් මගින් සජිත් ප්‍රේමදාස දන්වා ඇත්තේ සාකච්ඡා කරගත් ආකාරයට අනුර දිසානායකගේ කතාව විකාශය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ය.

අනුර දිසානායකගේ නිල ෆේස්බුක් ගිණුමේ ද සිරස නාළිකාව ඔස්සේ සිය සම්පූර්ණ කතාව විකාශය කරන බව පසුගිය 26 වෙනිදා ප්‍රකාශ කර තිබේ. සජිත් ප්‍රේමදාස විසින් ලියූ ලිපියෙහි සඳහන් වන්නේ එය පසුගිය 24 වෙනිදා ලියූ බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස