මගෙන් කට උත්තර ගත්තා…! මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..! මගේ පවුල පරිසර ජාවාරම්වලට සම්බන්ධ නෑ…! – සිරස ලක්‍ෂපතියේ දී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි…

March 16, 2021 at 7:24 am | by emanisa.lk

තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ දී හෙළි කළ භාග්‍යය අබේරත්න සඳහන් කරයි.

තමන්ගේ පියා හෝ සහෝදරයා කිසිදු පරිසර ජාවාරමකට සම්බන්ධ නැති බව ද ඇය අවධාරණය කරයි.

එසේ ම අදාළ පිරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්න කළ බවත් ඇය පවසයි.

එම ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන ලක්ෂපති වැඩසටහනේ දී පැවසූ බවත් ඇය ප්‍රකාශ කරයි.

තමන්ගේ නිවස සහ ඉඩමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සින්නක්කර ඔප්පුවක් ඉල්ලා ඇතැයි ද ඇය තහවුරු කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *