සිංහරාජ වන සංහාරය ගැන කී භාග්‍යාගේ නිවසත් අනවසර භූමියක…!

March 15, 2021 at 9:54 pm | by emanisa.lk

පසුගිය දා සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ සිංහරාජ වනය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ භාග්‍යා අබේරත්නගේ නිවස පිහිටා ඇත්තේ අනවසර ඉඩමක බව තහවුරු වී තිබේ.

මහා වන විනාශයක් වන්නේ යැයි ඈ සඳහන් කළ භූමිය පිළිබඳ පොලිස් පරිසර ඒකකය අද ඇගේ නිවසට ගොස් විමසූ අවස්ථාවේ ඈ පෙන්වා ඇත්තේ සිය නිවස අසල ඉඩමකි.

කෙසේ වුව ද එම ඉඩමේ හිමිකරුවන් වසර 50කට වඩා පැරණි ඔප්පුවක් පත්තිරු සහිතව ඉදිරිපත් කර අදාළ ඉඩමේ අයිතිය තහවුරු කර ගෙන තිබේ.

කෙසේ වුව ද අදාළ තරුණිය ජීවත් වන ඉඩමට එවැනි ඔප්පුවක් නොමැති බව අනාවරණය වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සිය ඉඩම සහ නිවසට සින්නක්කර ඔප්පුවක් අයඳුම්කර ඇති බව ද ඇය අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *