මං අට වෙනිදා හිරේ යනවා! මේ මගේ අන්තිම පාර්ලිමේන්තු කතාව! – රංජන් නඩු තීන්දුව කලින් ම කියයි….

December 5, 2020 at 10:59 pm | by emanisa.lk

එළඹෙන 08 වෙනිදා තමාගේ නඩුවේ තීන්දුව ලැබෙන බවත් එදිනට තමන්ට හිරේ යාමට සිදුවන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

අද තමාගේ අවසාන පාර්ලිමේන්තු දවස බවත් අවම වශයෙන් මාස 6කට ද උපරිම වශයෙන් අවුරුදු 02කට ද හිරේ යාම අනිවාර්ය බව ද ඔහු සඳහන් කළේ ය.

තමන්ට සුනාමි වංචා, මිග් යානා වංචා පිළිබඳ චෝදනා නොමැති බවත් ඇත්තේ බැක්සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් චෝදනා පමණක් බවත් හිරේ යන්නේ සත්‍ය කතා කිරීම නිසා බවත් රංජන් රාමනායක අවධාරණය කළේ ය.

අද (05) 2021 අයවැය විවාදයෙහි සංචාරක අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස