මංගල හිත හොඳ මිනිහෙක්! අපි දෙන්නාම අත්දැකීම් බහුල පරිණත පුද්ගලයෝ! – ජනපති

March 2, 2019 at 8:51 am | by admin

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රිවරයකු මුලින්ම යා යුත්තේ ආණ්ඩු පක්ෂයට නොව විපක්ෂයට බවත් එලෙස මුලින්ම විපක්ෂයට ගිය මන්ත්‍රිවරුන් වශයෙන් මංගල සමරවීර මහතාත්, තමාත් අත්දැකීම් බහුල පරිණත පුද්ගලයන් බවට පත්වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (28දා) “සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි ආධුනිකයෝ විදියට එදා දේශපාලනය පෞද්ගලික දේවල්, අන්තර්ජාතික කරුණු කතා කළා වගේම යාළු මිත්‍රකම් පදනම් කරගෙන බොහෝ විහිළු තහළු කළා. මංගල මුල් වරට 1989 පාර්ලිමේන්තුවට ආපු කාලේ කිහිල්ලේ ගහගෙන ආපු කළුපාට බෑග් එකක් තිබුණා.

අතේ ඒ මල්ල තිබුණට ඔහු එවක කිසිවකුටත් කඩේ ගියේ නෑ. බොහෝ වෙලාවට පාර්ලිමේන්තු ලොබියේ එකට කතාබහ කර සිටින විට මංගල ඒ මල්ල තියලා යනවා. අපි ඒ වෙලාවට වටපිට බලලා මංගල එන්න කලින් මල්ල පුරවනවා. මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට අපි දිහා බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කියලා බනිනවා. මංගල කියන්නේ දක්ෂයෙක් වගේම හිත හොඳ මිනිහෙක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *